Tuesday, October 7, 2008

පිතු සෙනෙහේ...................



නොගයමි ඔබේ ගුණ
නොවැලපෙමි කිසි දින‍ක
වෙර දරමි දිනන්නට
ජීවිතය......
වදිනෙමි නුඔ පා නිතින්
මා ‍ලේ නහර වලට පණදුන් ඒ පිනෙන්
නැගී සිටියෙමි
වාරැවෙන්....... සීරැවෙන්....

නුඹ දුරයි මගෙ ලොවට
දනිමි මා දැන් හොදින්
ඔබෙ සුසුම් වියැකුනේ
කොතැනකද
ඒ ‍ඇයිද ...
නොඅසමි මා කිසි දිනක

දන්නවද ඔබ මාව
මා ඔබේ පුංචි දුව බව.....
‍නොහඩමි කිසි දිනෙක
නුඹෙන් අතපසු වූ
සෙනෙහසට..... රැකවරණයට...

ඔබ කැප කල ජීවිතයට
උපහාර දක්වනවා සමහරැන්
බොහෝම ලස්සනට
කියන්නට වචන නෑ ......
ඔබ වටා රොඳ බැන්ද
මහා ලොකු මිත්‍රයන්විකුණනවා පේමන්ට් එකේ
සත්‍යවාදය ....... සමාජවාදය...... මනුෂ්‍යත්වය......
උඩ පැන පැන ගිලිනවා
කාක්කොත් ඇවිත්
පේනවා නේද ඔබට........

අනේ මට හරීම පිළිකුල්
‍‍ඔබ නොවේ දේශපාලනය.....,

හසිනි

No comments: